මහා සම්මත ජන රජයක් යටතේ අපේ ර⁣ට යලි ගොඩ නැගේ

මහා සම්මත ජන රජයක් යටතේ අපේ ර⁣ට යලි ගොඩ නැගේ

මහා සම්මත ජන රජයක් යටතේ අපේ ර⁣ට යලි ගොඩ නැගේ

October 2, 2019

ජනතා පරමාධිපත්‍යය තුලින් 2020 ව්‍යවස්ථා විප්ලවයකින් බිහිවන 20 දෙනෙකුගෙන් සමන්විත විධායක මඩුල්ල විසින් සැලසුම් කර මෙහෙයවන ජනතා සoවේදී වූ ජනතාවට වගකිවයුතු පාලන තන්ත්‍රයේ ආර්ථික ප්‍රතිපත්තියට පාදක වන්නේ දේශිය නිෂ්පාදනය ආරක්ෂා කර අගය එකතු කිරීමේ ක්‍රියාවලිය වේ. එය තුලින් කෘෂිකර්ම, ධිවර හා පශුසම්පත්හි නියුතු 50% වූ ශ්‍රම බලකායේ දළ දේශිය නිෂ්පාදනයට දැනට පවතින 20% දායකත්වය වසර 4ක් තුල අවම වශයෙන් 40% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කරනු ඇත.
දැනට පවතින GDP වාර්ෂික ප්‍රවර්ධන වේගය 3.5%. (2018 3.2%) නියම සoවර්ධනයක් සදහා අවම වශයෙන් 6% වාර්ෂික ප්‍රවර්ධන වේගයක් පවත්වාගත යුතුය.

GDP අගය 2018 රු. ට්‍රිලියන 15කි (මිලියන 15,000)
GDP ඇස්ති. අගය 2019 රු. ට්‍රිලියන 15.5 කි (මිලියන 15,500) 2024 ඉලක්කය රු. ට්‍රිලියන 21 (මිලියන 21,000)
2020 සිට 2024 දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6% කට වැඩියෙන් ඉලක්ක කර ඇත. පහත සදහන් වන්නේ දළ දේශීය නිෂ්පාදනය (GDP) 2019 හා 2024 තුල නියෝජනය වන ආකාරයයි:

කෘෂිකර්මය
2019 – 8% (රු. ට්‍රිලියන 1.2)
2024 – 16% (රු. ට්‍රිලියන 3.3)

ධීවර හා පශු සම්පත්
2019 – 0% (රු. ට්‍රිලියන 1.5)
2024 – 20% (රු. ට්‍රිලියන 4.2)

අනිකුත් කර්මාන්ත
2019 – 20% (රු. ට්‍රිලියන 3.3)
2024 – 18% (රු. ට්‍රිලියන 3.8)

සේවාවන්
2019 – 62% (රු. ට්‍රිලියන 9.5)
2024 – 46% (රු. ට්‍රිලියන 9.7)

ලෝක බැoකුව විසින් ශ්‍රි ලoකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නිර්දේශ කලද එය එසේ නොවන්නේ, ඇති නැති පරතරය වැඩිකරන සේවා හා නිෂ්පාදන ව්‍යුහය තුල දේශීයත්වයට මුල්තැන නොදීම, කෘෂිකර්මය හා දේශීය සම්පත් ආරක්ෂා නොකිරීම, දේශීය නිශ්පාදනවලට අගය එකතු කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය නොකරීම හා අනර්තකාරී ආනයන (dumping) වැනිආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම හේතුවෙනි.

2018: ආනයනය රු. ට්‍රිලියන 4 – අපනයනය රු. ට්‍රිලියන 2
ඉලක්කය 2024 ආනයනය රු. ට්‍රිලියන 3 – අපනයනය ට්‍රිලියන 2.75
රේගුවෙන් ලැබිය යුතු බදු ආදායම් නිසි පරිදි ලබගැනීමට තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුලින් රජයේ ආදායම් දෙගුනයකට වඩා වැඩිකල හැකි අතර, ජනතාවට බදු බර පැටවීමක් නොකොට, සැමට ආහාර සුරක්ෂිතභාවය, පිරිසිදු ජලය, සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂාව සහතික කල හැකි පරිසරයක පිහිටි, පහසුකම් සහිත, මූලික අoග සම්පූර්ණ වූ නිවාස
නාගානන්ද2020 ආර්ථික දර්ශනය – Economic Vision – NAGA2020
යෝජිත ජනතා සoවේදී පාලනය තුලින් මෙහෙයුම් කරන ආර්ථික ප්‍රතිපත්තියට පාදක වන්නේ දේශිය නිෂ්පාදනයන්හි අගය හා ගුනාත්මකභාවය වැඩිකිරීම තුලින් හා කාර්‍යක්ෂම බෙදාහැරීමේ ක්‍රියාවලියක් තුළින්, කෘෂි, ධිවර හා පශුසම්පත්වල අගය හා දේශීය දළ නිෂ්පාදන දායකත්ව වසර 4ක් තුල දෙගුනයක් ඉක්මවා වැඩි කිරීමය. දළ දේශිය නිෂ්පාදනය සදහා අද වන විට 18% දායක වන කෘෂිකර්මය, ධීවර හා පශුසම්පත් ක්ෂේත්‍රයන්හි නියැලී සිටින 52%ක් වන ශ්‍රමදායකත්වයේ ආදායම් මට්ටම ඉහළට ගෙනයෑමට පහත ක්‍රමවේදයන් අනුගමනය කරනු ඇත:
i. ඇගය එකතු කිරීමේ ( value addition) ක්‍රියාදාමය
ii. විශ රසායනික භාවිතය තහනම් කර ජෛව තාක්ෂණ උපයෝගිකරණය තුලින් කාබනික වගා සoග්‍රාමය
iii. නිශ්පාදන වර්ධනය හා ඍජුව පාරිභෝගික සම්බන්ධතා තුළින් හා ඩිජිටල් තාක්ෂණය තුලින් (B2B & B2C ) කෘෂි, ධීවර හා පශු නිෂ්පාදනය බෙදාහැරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීම තුලින් අපතේ යෑම හා නාස්ති නැති කිරීම.
iv. ඩිජිටල් තාක්ෂණවේදය තුලින්, දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක වූ ඉල්ලුමට සoවේදී නිෂ්පාදනයට යොමුවීම.
v. තත්ව පාලන රෙගුලාසි හා ප්‍රමිති සහතික තුලින් ගුනාත්මක නිෂ්පාදනයකට හා බෙදාහැරීමේ ක්‍රමවේදය අනිවාර්ය කිරීම.
vi. අදාල දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ කෘෂි, ධිවර හා පශු ඍජු නිෂ්පාදන හා අතුරු නිෂ්පාදන සැලසුම් ඉදිරිපත්කර ලියාපදිංචි වූ කෘෂි හා කාර්මික ප්‍රජාවට දැනුම හා මූල්‍ය ශක්තිය ලබාදීමටත් දිරි දීමනා හා සහන ණය ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ස්ථාපනය කිරීමට රජය බැදී සිටී.
නිවාස හා සමාජ ශුභසාදනය පිළිබඳ ඉදිරි දැක්ම:
ශ්‍රි ලoකාවේ උපදින සෑම දරුවෙකුටම, සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂාව සහතික කල හැකි පරිසරයක පිහිටි, පහසුකම් සහිත, අoග සම්පූර්ණ නිවසක සැදී වැඪීමට උරුමයක් ඇති වීම හා තිරසාර සමාජ හා ආර්ථික සoවර්ධනයකට නියම කොටස්කරුවන්වූද, ජාතියේ සමිපත වූද, පවුල් ඒකකයක් තුලින්, සමාජයට පලදායී පුරවැසියකු බවට පත් වීමට හැකියාවක් ඇති පසුබිමක් නිර්මාණය කිරීම. .

නිවාස හා සමාජ ශුභසාදනය මෙහෙයුමේ අරමුණු හා ක්‍රමෝපාය:

අභිමානවත් පුරවැසියකු ගේ මූලික අවශ්‍යතාවන් ලෙස ඉලක්ක කොට ගත් නිවාස පහසුකම්, ආදායම හා පෝෂණ මට්ටම, පිරිසිදු ජලය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව හා ළමා සoවර්ධන දීමනා ආවරණය වන පරිදි, පූර්ණ ජාතික රක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලැබේ. මෙය ජාතික රක්ෂණ පනතක් ලෙස අනාගතය කරා ගෙන යනු ඇත.

ජාතික නිවාස ප්‍රතිපත්තියේ මූලික සිද්ධාන්තයන් වන්නේ මානව සනීපාරක්ෂාව හා පරිසරයේ යහපැවැත්මය. එම නිසා අවම ප්‍රමිතියක් මත පදනම් වූ, සමාජ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති තුළින්, නගර මධ්‍යයේ හා මායිම් මට්ටමේ, ප්‍රමිතියකින් හා අවසරයකින් තොරව පවතින ජනාවාස සම්පූර්ණයෙන් ඉවත් කල හැක.

මෙහිදී මූලික අවශ්‍යතාවය වන්නේ ප්‍රතිලාභීන්ගේ සහභාගිත්වය වන අතර, ප්‍රාදේශීය සභාවට අනුබද්ධ පුරවැසි උපදේශක ජාලාවක් තුලින් එය ඉටු වනු ඇත.
– ආචාර්ය අනිල් ප්‍රියංක බැද්දේවිතාන