Meet Naga

Biography

1954 ජූලි 31 වන දින රත්නපුර, බටුගෙදර ප‍්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවා ය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නාගානන්ද, රේගු බදු වංචනිකයන් නීතියේ රැුහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම ක‍්‍රියාකර ඇති නිලධාරියෙකි. එවකට රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව ඇති අතර අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලූ විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු ඔහුට විවිධ තර්ජන ද එල්ල වී ඇත.

1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු නාගානන්ද, රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එවකට කුප‍්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් බන්ධනාගාරය තුළදී නාගානන්දගේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.

එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි ඔහු වැඩතහනමට ලක්වූ කාලයෙන් ප‍්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වුව ද වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වූයේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප‍්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.

1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට පසු යළි රේගුවේ රැුකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප‍්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බවත් එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බවත් නාගානන්ද කියා සිටී.

2001 වසරේදී ශ‍්‍රී ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප‍්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය. ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි.

සිය දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වන බව පවසන නාගානන්ද කොඩිතුවක්කු ඔවුන්ට යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව කියා සිටී. ඒ ගැන කණස්සල්ල පළ කරන ඔහු පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ ”ශ‍්‍රී ලංකාවේ පවතින දූෂිත සමාජ ක‍්‍රමය” විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක‍්‍රියා කළ තමන් පසු කාලයේදී ශ‍්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පවසයි.

2009 වසරේ දී යළි දිවයිනට පැමිණෙන නාගානන්ද සිය දූෂණ විරෝධී සටන නව මුහුණුවරකින් නැවතත් දියත් කරන්නේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩුකර රැුසක් ගොනුකරමින් ඔබේ අයිතීන් සුරක්ෂිත කරදීම උදෙසාම ය.

 

අපේ ආදරණීය මාතෘ භූමියට සිදු විය යුතු සියල්ල සිදුවී ඇත. ජනතාව කබලෙන් ලිපට ඇද දමා අන්ත අසරණ තත්වයට පත්කර දමා හමාරය. අතිශය විනාශකාරී අපරාධකරුවන් රැුසක් මාරුවෙන් මාරුවට රටත් ජනතාවත් ඛේදජනක ඉරණමක් වෙත රැුගෙන යමින් සිටිති. 71 වසරක ඊනියා නිදහස් ඉතිහාසය අපට උරුම කර ඇති සමස්ත ණය බර 2018 වසරේ අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 31.6 ක් පමණ වූ අතර මේ වසරේ අප ගෙවිය යුතු සමස්ත ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් වේ. මහ බැංකුව පවසන ආකාරයට ඉන් ඩොලර් බිලියන 3ක් පමණක් ගෙවීමට හැකියාව ඇති අතර ඉතිරි බිලියන 2.9 ගෙවීමට නැවතත් ණයක් ගැනීමට සිදු ව තිබේ. එසේ ම විගණකාධිපතිවරයා පවසන ආකාරයට මේ වනතෙක් රජය ට‍්‍රිලියන 11ක පමණ ණය ගෙන ඇති බවට තොරතුරු ඇති අතර ඉන් ට‍්‍රිලියන 1.8ක් පමණක් වැය ශීර්ෂයන් සඳහා ගෙවා ඇති මුත් ඉතිරි ට‍්‍රිලියන 9.2 ට සිදුවූයේ කුමක්ද කියන්නට අප පමණක් නොව දෙවියන් ද දන්නේ නැත. (ට‍්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයකි)

රටේ තිබෙන සම්පත් සියල්ල මැනවින් කලමනාකරණය කරනු වෙනුවට අමු තකතීරු අදූරදර්ශී ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාමාර්ග විදේශ රටවලට අවැසි ආකාරයට සැලසුම් කිරීම ගජරාමෙට සිදුවෙමින් පවතී. දරාගත නොහැකි තරම් ණය ලබාගනිමින් සිදුකරනු ලැබූ යෝධ සංවර්ධනය යැයි ජනතාව මුළාවේ දැමූ බොහෝ ව්‍යාපෘතීන් අද සුදු අලි බවට පත් වී තිබේ. නමුත් ඒවායේ ණය බර පමණක් අපට උරුම වී තිබේ. දැන් අප පමණක් නොව අපගේ දරුවන් ද නූපන් පරපුර ද රුපියල් ලක්ෂ පහකට ආසන්න ණය මුදලක හිමිකරුවෙක් යැයි ආඩම්බරයෙන් කීමට වරම් ලබා ඇත. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය, ආර්ථිකය ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල තත්වය අතිශය අවුල් සහගත ය, අසංවිධානාත්මක ය.

අප තවදුරටත් මේ මැසිවිල්ල කියමින් අපරාධකරුවන් රටේ දේශපාලන ක‍්‍රියාවලිය තුළ රඳවා ගත හොත් දූෂිත දේශපාලනය නිසා කඩාවැටුණු රටවල් අතරට ශ‍්‍රී ලංකාව ද ඇතුළත් කරගැනීමේ මහා අපරාධයේ වග උත්තරකරුවන් බවට පත්වීමට සිදුවනු ඇත. එමනිසා රටට යහපතක් ජනතාවට සේවයක් සැලසීම සඳහා දේශ සේවය සඳහා සුදුසු දේශපාලකයන් නොව දේශ සේවකයන් පිරිසක් රට වෙනුවෙන් ක‍්‍රියාකාරී කිරීම අප හමුවේ ඇති බරපතල අභියෝගයකි.

විගණකාධිපතිවරයාම කියන අන්දමට ජාතික ආදායමෙන් හතරෙන් එකකට අධික ප‍්‍රමාණයක් නාස්ති වේ. හතරෙන් එකක් යනු රුපියල් බිලියන ගණනක් ය. මෙය පාලනය කළ හැක්කේ අධිකරණය බලගැන්වීමෙන් ය. දුබලයා ඉදිරියේ මෙන් ම දේශපාලකයින් ඇතුළු සියලූ ප‍්‍රබලයින්ට ද නීතිය එකසේ සමාන විය යුතුමය. මේ මහා පරිමාණ නාස්තිය දූෂණය පාලනය කළහොත් කෘෂිකර්මය, ගොවිජනතාව හා පාරිභෝගිකයන් ද රැුකෙනු ඇත. බස් රියේ දුම්රියේ මහමග ගෙවන කරුමය නිමවනු ඇත. සේවකයින්ට සාධාරණ වැටුපක් ලැබෙනු ඇත. අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන මුදල් ලබාදිය හැකිවනු ඇත. ගුරුවරයාගේ ගෞරවය සුරක්ෂිත වනු ඇත. රෝහල්වල දුක්විඳින යුගය නිමවනු ඇත. නීතිය, නීතිගරුක මිනිසුන් අතින් බලගැන්වීම රටකට වාසනාවක් වන්නේ එවිටය. එතුළින් සතුටින් හා නිදහසින් ජීවත්වන මිනිසුන් සිටින රටක් අපට ගොඩනැගිය හැකිය.

මෙහි දී ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් අධිකරණය හමුවේ විශාල කාර්යභාර්යයක් ඉටුකරන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නායකත්වයෙන් විනිවිද ව්‍යාපාරය ගොඩනංවා ඇත. එසේ ම දූෂිත දේශපාලනයට එරෙහි ව අවිහිංසාවාදී ජනතා ව්‍යාපාරයක් ලෙසින් ජනතාව සංවිධානය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත. විනිවිද පදනමේ මූලික අරමුණ වන්නේ මෙම වැඩපිළිවෙල බිම් මට්ටම දක්වා ව්‍යාප්ත වන පරිදි සමාජගත කිරීමයි.

“First they ignore you. Then they ridicule you. And then they attack
you and want to burn you. And then they build monuments
to you. ”

Nicholas Klein/Ghandhi

Activists

නාගානන්ද ඔබ හමුවට පැමිණෙන්නේ පළමු වතාවට රටේ පරමාධිකාරී බලය හිමි ජනතාව වන ඔබ, ගෞරවයෙන් පිළිගෙන සම්මත කරන්නට යෙදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සමඟය. මංකොල්ල කරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ආගාධයට ඇද වැටී සිටින ලක්මව අවදිකළ යුතුය. රටේ ජනතාවගේ අභිවෘද්ධිය සහතික කිරීමට ඇති සීමිත සම්පත් නිසියාකාරව යෙදෙවෙන බව තහවුරු කිරීමට නම් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කල යුතුමය. වැරදි කරන සියලූ දෙනා නීතියේ ආධිපත්‍ය බලයට නිශ්චිතවම යටත් කෙරෙනු ඇත. ඒ සඳහා ශක්තිමත් අධිකරණයක් පිහිටුවීමට පියවර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. අප හමුවේ ඇති අභියෝගය තියුණු ය. බරපතල ය. නමුත් ජනතාව එකාවන් ව පෙළගැසුණහොත් කළ නොහැක්කක් නොමැත. ඔබ ඒ අභියෝගාත්මක වගකීම හෘද සාක්ෂියට එකඟ ව ඉටු කරන්නට කැමති ගෞරවනීය විශිෂ්ඨ මිනිසෙකු නම්, දැන් ම ඔබ තීන්දු කරන්න…නොබිය ව පෙරට එන්නට.

නාගානන්ද පෙනී සිටින්නේ රටේ පරමාධිකාරී ජනතාවගේ අයිතිය ක‍්‍රියාත්මක කිරීමටය. ඒ සඳහා මූලිකව අවශ්‍ය වන්නේ නීතියේ ආධිපත්‍ය දිවයින පුරා පැතිරවීමයි. නාගානන්දට රටේ සම්පත් වංචා කරණ පුද්ගලයාගේ දේශපාලන පක්ෂය, ජාතිය, ආගම, කුලය, නෑදැ හිතවත්කම කිසිසේත්ම අදාල නොවේ. ජනාධිපති මැතිවරණයේ දී, පාර්ලිමේන්තුවේ දැනට බලය තහවුරුකරගෙන් සිටින අපරාධකරුවන් විසින් නොව පරමාධිකාරී ජනතාව විසින් සෘජුවම පිළිගෙන සම්මත කරන නව ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පළමු වතාවට නාගානන්ද ඉදිරිපත් කරයි.