Policies

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා හට ජනරජයේ ඒකීය භාවය හා ස්වෛරී භාවය සුරැකීමේ උත්තරීතර වගකීම පැවරෙනු ඇත. එමෙන්ම නව ගෝලීය ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීම සඳහා 21වෙනි සියවසේ නවීනතම තාක්ෂනය, පුහුණුව හා උපක්‍රම තුලින් ලොව ශක්තිමත්ම ආරක්ෂක හමුදාවක් හා ඔත්තු සේවයක් බිහි කරනු ලැබේ.

ලෝකයේ දියුණුම රටවල් හා කරට කර තැබිය හැකි සමාජ සුභසාධන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මේ තුලින් ජේෂ්ඨ පුරවැසියාගේ සිට ගෘහණිය දක්වා ආවරණය වන පරිදි තම ආත්ම අභිමානය රැකගෙන, කිසිම ආකාරයකින් සමාජ විරෝදී ක්‍රියාවලට යොමු නොවන ආකාරයේ ක්‍රමවේදයක් යෝජනා වෙයි

බතින් බුලතින් පෝෂණය වූ ඉපැරණි වාරි ශිෂ්ඨාචාරයට නව පනක් ලබා දී ශ්‍රී ලංකාව නැවත දෙපයින් නගාසිටුවා තොරතුරු තාක්ෂනය, නැනෝ තාක්ෂනය වැනි 21 වන සියවසට ගැලපෙන නවොත්පාදක සංස්කෘතියක් ඇති කර, ගෝලීය සැපයුම් දාම තුලට අගය එකතු කල භාණ්ඩ හා සේවා ලබා දීම තුලින් ජනරජයේ ආර්ථිකය ඉහලට ඔසවා තැබෙනු ඇත.

ඇති නවීන නිදහස් සෞඛ්‍ය පහසුකම්, නීති හා පුරුදු ඇති කර ශාරීරිකව හා මානසිකව නීරෝගිමත් ජනතාවක් බිහිකරගැනීමට ජනරජය බැදී සිටියි. තවදුරටත් රජය විසින් කල යුතු දෑ ජන සම්මාදම් වලින් කරන තත්වයක් අත් නොවනු ඇත.

ඕනෑම රටක රජයක් මුලික වගකීමක් වන්නේ රටේ ජනතාවට ඉතා උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමයි. මෙම අතිශය වැදගත් රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් විචාර බුද්ධිය හා නවතම දැනුම සහිත අනාගත පරම්පරාවක් බිහිකරවා ගැනීම මුලික අරමුණ වෙයි