Public Litigation

පරිබෝජනයට නුසුදුසු ශරීරයට අහිතකර විෂ සහිත මේද අම්ල ඇති බවට සනාථ කරන ලද පාම් ඔයිල් බහලුම් 24ක් මෙරටට ඇතුළු කිරීම වළක්වාලන නියෝගයක් ලබාගනිමින් නඩුවක් පවර ඇත. දැනට එය අධිකරණය මගින් මුදා හැරීම නවතාලන නියෝගයක් ලබා දී ඇත

ජර්මනියේ ඊඵඋ මෝටර් රථ සමාගමේ ශ්‍රී ලංකික නියෝජිතයා වන ඡරුිසඑසටැ ්මඑදපදඉසකැ සමාගමට එරෙහිව රුපියල් බිලියන 16 කට අධික (මිලියන 16,000,000.00) රේගු බදු වංචා කිරීමට එරෙහිව නඩුවක් පවරා ඇත. (ඊදබා ීජ්ප වංචාව රුපියල් බිලියන 11 ක් පමණි). මෙම සමාගම 2013 මාර්තු මස සිට ඊඵඋ වාහන, 1675 ක් කොළඹට ආනයනය කර තිබෙන අතර ඒ සියල්ලම බදු සහන ෘමඑහරෙැැ බලපත්‍ර යටතේ ගෙන්වා තිබුනත් වාහන වල නියම මිල බලපත්‍රයේ කොන්දේසි වල සදහන් මිල ඉක්ම යන ඒවාය. එසේ වන සෑම වාහනයකටම සම්පූර්ණ බදු මුදල අය කරගැනීම රේගුවේ කාර්්‍යය වේ.

වංචා සහගත ලෙෂ ව්‍යාජ මිල ගණන ් අඩංගු ඉන්වොයිස් පත් රේගුවට ඉදිරිපත් කරන ඡරුිසඑසටැ ්මඑදපදඉසකැ සමාගම නියමිත බදු මුදල් නොගෙවා මෙම වංචාව සිදුකර ඇත. මේ සම්බන්ධ රේගු පරීක්ෂණයේදී ඊඵඋ මව් සමාගම රේගුවට ඡරුිසඑසටැ ්මඑදපදඉසකැ සමාගම විසින් ඉදිරිපත් කර ඇති ඉන්වොයිස් පත්‍ර වල සදහන් මිල ගණන ් ව්‍යාජ ඒවා බව තහවුරු කරන අතර නියම මිල වටිනාකම් සදහන් වන අව්‍යාජ ඉන්වොයිස් පත්‍රද එවනු ලබයි. එම ලියවිලි අධිකරණය හමුවේ ගොන ු කර ඇති අතර මෙම මහා පරිමාණ බදු වංචාව සම්බනධ් රේගු පරීක්ෂණය යටපත් කිරීමය ක්‍රියා කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මෙම නඩුව පැවරීමෙන් අනතුරුව එම තනතුරෙන ් ඉවත් කරන ලදී. එසෙම් අදාල රේගු පරීකෂ් ණය :ක්‍ෂඊරැෂභඪරැ32රැ2013* සදුි කල රේගු අධ්‍යක්ෂ සමන් සිල්වා නමැති නිලධාරියාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම හමුවේ පරීක්ෂණ :ඊක්‍රැ09037රැ2017* කටයුතු ආරම්භ කර ඇත.

විලත්තිකුලම් වන රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්භන්දයෙන් වැරදි තොරතුරු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ එහි වගඋත්තරකරු කර සිටින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා නීතිඥ නාගානනද කොඩිතුවක්කු මහතා විසි්න් 12/07/2018 වන දින අභියාචනාධිකරණය හමුවේ නව පැමිණිල්ලක් ගොනු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ධුරය දැරූ සරත් සිල්වා, ශිරාණි බණ්ඩාරණායක, මොහාන්පී රිස්, ශ්‍රීපවන් සහ දැනට ශේෂ්ඨාධිකරණයේ තනතුරු දරන විනිසුරන් 2 දෙනෙකුට සිය ධූරය අවභාවිත කිරීම මත නඩුවක් පවරා ඇත

නව විනිමය පනත් කෙටුම්පත අභියෝගකර නඩුවක් පවරා ඇත. පැරනි විනිමය පාලන පනත යටතේ පවරා තිබූ සියලුම නඩු වලට අදාල, පනතේ සදහන් සියලුම දණ්ඩනයන් මෙම නව කෙටුම්පත මගින් අතීතයටද බලපාන සේ සලකා ඉවත් කිරීමට යෝජනා විය. එහෙයින් එම පනත් කෙටුම්පත අභියෝග කරමින් අවලංගු කරන ලෙස විනිමය පාලන පනතේ චෝදනා ලබා සිටින සැකකරුවනට් එරෙහිව පවරන සියලුම නඩු තව දුරටත් එම පනත යටතේම විභාග කල යුතු බවට නාගානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලදී. ඉන්පසුව රජයට සිදු වුයේ අතීතයට බලපාන සේ සිදු කරන ලද නීති විරෝධී සංශෝධන ඉවත් කරගැනීමටයි. නීතිපති විසින් මෙම පනත සංශෝධනය කොට ඒ වන විට මහාධිකරණයේ වසර 5ක සිරදඩුවම් නියම වීමට සිටි එවකට මුදල් ඇමති රවී කරුණානායක බේරා ගැනීමට ගත් උත්සාහය නාගානන්ද නිසා වැලකී ගියේය. වසර 6ක කාලයක් මහාධීකරණයේ චේතනාන්විතව දික් ගැස්සූ මෙම නඩුවෙන් රවී කරුණානායක මෙතෙක් නිදොස් කොට නිදහස් කර නොමැති අතර අධිචෝදනා පත්‍රයේ මුදල් ලංකාවට බැරවූ දිනයේ දොෂයක් ඇතැයි සදහන් කරමින් නඩු විභාගයක්ද නොපවත්වා චූදිතයා මුදා හැරීමක් පමණක් (Discharge)සිදුකොට ඇත. නැවත සංශෝධීත අධිචෝදනා පත්‍රයක් මත රවීට විරුද්ධව නඩු පැවරීමකට යටත්ව මෙම තීන්දුව දෙනු ලැබුවද අද දිනය දක්වාම නීතිපතිවරයා විසින් එවන් කිසිම නඩු පැවරීමක් සිදුකොට නැත. ඒ අනුව අනාගත දිනක රටේ නීතියේ ආධීපත්‍ය පිහිටවූ අවස්ථාවක රවීට එරෙහිව පැරණි විනිමය පාලන පනත යටතේ නඩු පැවරීමට හැකි අතර ඒ සදහා නාගානනද් සූදානමින් සිටී.

2017 ඔක්තෝම්බර් 02 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිට එරෙහිවය නඩුවක් පවරා ඇත. 2017 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා ඡන්දය කල්දැමීමට ගෙන ආ 20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප විය. නමුත් එම නඩු තීන්දුව නොසලකා හරිමින් නීතිපතිවරයා පළාත් සභා ඡන්දය කල්දැමීමට කථානායකවරයාට ව්‍යාජ උපදෙස් ලබාදීම නීතිවිරෝධී යැයි අභියෝග කරන නාගානන්ද, ජනතාවගේ පරමාධිකාරී බලය තහවුරු කරගනිමින් පළාත් සභා ඡනද් ය කල්දැමීම අවලංගු කිරීමේ නියෝගයක් ලබාගැනමී සදහා මෙම නඩුව ගොනු කරන ලදී.

දූෂණ කොමිසමට එරෙහිව 2017 දෙසැම්බර් 08 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇත. නීතිපති ජයන්ත ජයසූරිය නීතිපති ධූරය අවභාවිත කරමින් පළාත් සභා චන්දය කල්දැමීමට කථානායකවරයාට චේතනාන්විත සාවද්‍ය උපදෙස් දීමෙන් තමන්ට හෝ රජයට වාසියක් වන ආකාරයෙන් නීතිපතිධූරය අවභාවිතා කළා යැයි නාගානන්ද තර්ක කරයි. එය දූෂණ අපරාද වරද කිරීමක් වන අතර ඊට එරෙහිව දූෂණ කොමිසමට පැමිණීල්ලක් ගොනු කලද එය විභාගයට නොගැනීම නිසා දූෂණ කොමිසමට එරෙහිව පවරා ඇති නඩුවකි. ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීම සදහා මෙම නඩුවෙන් නීතිපතිට එරෙහිව විධිමත් පරීක්ෂණයක් කිරීමට බලකීරීමේ අධිකරණ නියෝගයක් දූෂණ කොමිසමට එරෙහිව නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

උතුරු නැගෙනහිර ඇති බෞද්ධාගමික වටිනාකමක් ඇති සංස්කෘතික මධ්‍යස්ථාන විනාශ කිරීිමට එරෙහිව උතුරු පළාත් සභාවේ සභාපති විග්නේශ්වරන්ට එරෙහිව 2016 නොවැම්බර් 04 දින නඩුවක් පවරා ඇත. 2018 මැයි 25 වන දින මෙම නඩු විභාගය නිම කරන ලදී.

වරප්‍රසාදයක් සේ ලබාගන්නා තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉනප් සුව ප්‍රසිද්ධ වෙළඳපොලේ විකිනීමෙන් එම බලපත්‍ර ලබාගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිය ගනනක් සහ කැබිනට් අමාත්‍යවරුන් රැසක් රුපියල් මිලියන 7000කට අධික රජයේ බදු මුදල් වංචාවක් කර තිබෙන බව ඒ පිළිබඳව කරන ලද විමර්ශණ වලින් තහවුරු විය. එම වංචාව පිළිබඳව සම්පුර්ණ තොරතුරු දුෂණ කොමිසම වෙත වාර්තා කරන ලද නමුත් ඒ පිළිබඳ ස්වාධින පරික්ෂණයක් පැවැත්වීම දුෂණ කොමිසම විසින් පැහැර හරින ලදී, පසුව දුෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂඨ් ාධිකරණයේ නඩු පවරන ලද අතර එම අවස්ථාවේදී , එනම් 2017 මාර්තු මස 16 වන දින කොමිසම මගින් මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික විය. නමුත් එම පොරොන්දුව ව්‍යාජ පොරොන්දුවක් වූ අතර එවැනි කිසිම පරීක්ෂණයක් දූෂණ කොමිසම විසින් නොකරන ලදී. ඒ අනුව දූෂණ කොමිසමේ සියලුම කොමසාරිස්වරුන්ටද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නඩුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මන්ත්‍රී වාහන පර්මිට් පිළිබඳව කරන ලද විමසීමකදී ඒ තොරතුරු ලබා දීම එවක රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා මහතා ප්‍රතික්ෂේප කළේය. එම තොරතුරු ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් නීතිපතිට නියෝගයක් ලබා දී ඒ සියලු තොරතුරු රටට හෙළි කරන ලදී. මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් පළමු දත්ත වාර්තාවයි

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර විසින් රජයේ රේගු බදු වංචාවක් යට ගැසීමට කටයුතු කිරීමට එරෙහිව දූෂණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් දූෂණ කොමිසම විධිමත් පරීක්ෂණයක් නොකිරීමට එරෙහිව නඩුවක් පවරා ඇත. මෙමගින් ජයසුන්දරට එරෙහිව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අධිකරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇති මෙම නඩුව පිළිබද විභාගය නැවත විභාගයට ගැනීමට නියමිතය.

නීතිපතිව සිටියදී ඩොක්යාඞ් සමාගමේ බදු වංචාවක් යට ගැසීමට වග උත්තරකරු වූ හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව නඩු පවරන ලදී. ඉන් අනතුරුව ඩොක්යාඞ් සමාගම වරද පිළිගෙන රුපියල් මිලියන 10ක දඩයක් සහ වංචා කරන ලද බදු මුදල නැවත ගෙවන ලදී.